Wednesday, 28 January 2015




















Tuesday, 27 January 2015







අපගේ උත්සාහය
         



දුලබ වූ මිනිසත්කමක් උරුමකර ගන්නට වාසනාව ලබා අන්අය ගේ වැරදිසොයමින්
ජීවිතකාලය ගතකරයිමනම් ඒ ලැබූමිනිසත් බවටත් කරන නිගාවකි.යමකුගේ ඇතිගුණ               
සැගවීමත් නැති අගුණ පෙන්වීමත් යමෙක් කරයිද එය ලොවපහලවූ අග්‍රතම
නායකයානන් වන බුදුරජානන්වහන්සේ පෙන්වා වදාල ධර්මරත්නයටද පිටුපෑමකි.එය එසේනම් ඒ බව දැනදැනම අප මේ කරන ව්‍යායාමය කුමක්ද?එදිනෙදා ගතකරන දිවි ගමනතුල අපමණ වගකීම් යුතුකම් දුක්පීඩා මැද සිටින ඔබට මතු අනාගතය තබා හෙට ගැනවත් සිතන්නට ඉඩක් අවකාශයක් නොමැති බව අපිදනිමු.එවන් තත්වයක සිට්න්නාවූ ඔබ අදගැන පමණක් සිතා ගනු ලබන ඇතැම් තීරණ ඔබටත් වඩා  ඔබේ ලෙයින් සැදුනු ඔබේම දරුවනට මතුමහත් පීඩාවක් වනුඇත.එය එසේ නොවනු පිණිස කලහැකි කලයුතු යමක් වෙත්නම් ඒ සදහාම දරනුලබන උත්සාහයකි මේ.

පක්ෂපාතීව සතර අගතියෙන් මුලාවී අන්අයට මඩගැසීමක්.ෙවෙරී සිතින් පලිගැනීමක් හෝ වෙනයම් කිසිදු ලාභඅපේක්ෂාවක් නොමැති මේ ව්‍යායාමය හුදෙක් ඔබෙත්.මතු පරපුරෙත්
යහපත පිණිසමය.එදා මේ පුණ්‍යභූමියෙහි පහළවු වීරෝදාර දුටුගැමුණු.මහපැරකුම් වැනි රජදරුවන් මෙන්ම ධර්මපාල තුමන් වැනි උතුමන් නොවන්නට අපට අද නිවහල්ව පයගසා සිටින්නට බිමක්නැත.එදා ඒ උතුමන් දූරදර්ශීව දිවි පරදුවට තබා ගත් පියවර නිසාම අද අප සැනසෙන්ෙනමු.මෑත යුගයේ සිටිපාලකයන් අතර ගරු  ඩී.එස් සේනානායක මැතිතුමා සහ ගරු සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය රට දැය ගැන යම්හැගීමකින් කටයුතුකලත් ඉන්පසු පාලනයකල බොහෝ පාලකයින්ට එවන් දූරදර්ශී බවක් තිබුණාද යනු සිතා ගැනීම පවා අසීරු කරුනකි.නමුත් අපේම වාසනාවට පසුගිය සමයේ පහළවු ජනනායකයානෝ කිසිලෙසකින්වත් අමතක කලනොහැකිය.

ඒ අති බිහිසුනුවූ රුදුරු ත්‍රස්තයන් සහමුලින්ම ලක්බිමතුල අක්‍රීය කලබැවිනි.ගෙවීගිය කාලයතුල පැමිණි සියළු පාලකයන්  නොහැකියාව නිසා හෝ වෙනත් හේතුන් මත ත්‍රස්තවාදය පිලිබද ෙනාතකා සිටීමනිසා එය මහත් අර්බුදයක් වී සිහල ද්‍රවිඩ මුස්ලිම් ආදී සියළු ලක්වැසි ජනතාව පෙළෙනවිට අභීතව මුහුණදුන් එකම නායකයානෝ ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ය.එවකට සිටි සෙන්පතිවරු අභීත සහ දක්ෂයන් වුවද රාජපක්ෂ මැතිතුමන්ගේ අභීතකමත් දූරදර්ශී නුවණත් නොවන්නට අද අප වහලුන් බවට පත්වී හමාරය.මේතරමට මෙය විදහා දක්වන්නේ ජාතිවාදයකට හෝ ආගම් වාදයකට නොව සැමට එකලෙස ඇතිවූ උග්‍රතම පීඩාවක්වූ බැවිනි.


තවද එදා රජවරුන් සටන්කලේ රටක් සමග නොව ප්‍රදේශයක් සමගය.ම්ලේච්චයන් සමග නොව මිනිසුන් සමගයි.සැගවී පහර දෙන්නන් සමග නොව නෙතට හසුවූ අය සමගය.නවීන තාක්ෂණයක් සමග නොව සීමිත ආයුධ රටාවක් සමගය.මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීමෙන් සටන දියත්කලේ ලෝකයත් සමගය.ම්ලේච්චයන් සමගය.සැගවී පහරදෙන්නන් සමගය.සිතාගැනීමට පවා අසීරු මොහොතක් පාසා දියුණුවන තාක්ෂණයත් සමගයි.මෙයයි මෙහි විශේෂත්වය.දුටුගැමුණු රජතුමා තනිව සටන්කලේනැත.නමුත් එතුමා නොසිටින්නට සෙබළුන්ට පමණක් කලහැකිදෙයක්නැත.ත්‍රස්ත සටනද එසේමය. ජනපතිතුමා නොවීනම් යුධහමුදාවට පමණක්
කිසිසේත් කලනොහැකිය.

එබැවින් මහින්ද රාජපක්ෂ නාමය  සදාකල් සුරැකියයුතු වීරෝධාර චරිතයකි.දුරසිට පැනගන්ට තවමත් කොටියා මාන බැලුවත් යම්තරමකට එය සන්හිදියාවක්
බවට පත්ව ඇත.ඊටවඩා බිහිසුණුවන්නේ නිහඩව උපක්‍රමශීලීව කරන ආක්‍රමණයයි.මෙය
අතිබිහිසුණුය.හේතුව ක්‍රමානුකූලව නොදැනෙනසේ එන සැලසුම් සහගත ආක්‍රමණයක් බැවිනි.
මොහොතක් සිතාබලන්න ගාන්ධාර දේශය එදා බුදුදහමින් පෝෂිත බැලුබැලු අතින් වෙහෙර 
විහාර දිස්වුනු ඉන්දියාවට අයත්වූ විශාල භූමිප්‍රදේශයකි.අද රටවල් ගණණකට බෙදුනු
මුස්ලිම් ආධිපත්‍යය රජයන කිසිදු විහාරස්ථානයක්නැති භික්ෂූන්වහන්සේලාට තහනම් වූ
කලාපයක් පමණක්නොව අදත් හමුවන බුද්ධප්‍රතිමා සිරස වෙන්කර වීනාශකරන්නට තරම්
දූශිත හැගීම් ඇතියවුන්ගෙන්පිරි ප්‍රදේෂයක් බවට පත්වී ඇත.

මේ ආදීනව දැනගත් ජපානය කොරියාව තායිවානය වැනි බොහෝරටවල මුස්ලිම් ආධිපත්‍යය ගොඩනැගීමට කිසිදු අවකාශයක් නොදෙන්නේ අනාගතය ගැන දූරදර්ශීව සිතීමෙනි.මහායාන බුදුදහම බහුලව පවතින එවන් රටවල නායකයින් සහ ජනතාව බුද්ධිමත් තීරණගනිද්දී ථේරවාදී දහම සුරකින අපේ රටේ පාලකයන් සමතැන දී ක්‍රියාකරන්ෙන් අතීතය ගැන නොදන්නා කමද නොඑසේනම් නොසැලකීමද?ථේරවාදී දහම රකිනවායයි හඩනගා කියූවත් සැබැවින්ම එයකරනු ලබාවිද?නැතිනම් හිස අතගගා මොළය උදුරාගනීවිද?මොහොතක් සිතන්න.මේසැගවුණු ආක්‍රමණයට වැටබදිමින් සිටි මහින්ද රාජපක්ෂ ශ්‍රීමතානන්ද එලවාදැමූ අදගැන පමණක් සිතන දරුවන්ගේ හෙටදවස ගැන නොතකන ලක්මවගේ මෝඩ දරුවන් කවදා මෙය තේරුම් ගනීවිද?

අපගේ අභිප්‍රාය ආගම්විරෝධී සටන් කිරීම නොවේ. සියළු ආගමි නගාසීටීමද          වරදක්නැත. නමුත් සිංහල බෞද්ධ ජනතාවටමතු අනාගතයේ සිදුවන පීඩාවගැන          වර්තමාන පාලකයන් දූරදර්ශීව සිතා පියවර ගතයුතුය.වත්මන් පාලකයන් 
කිතුණුවුවත් මුස්ලිම්වුවත් එයද අපට ගැටළුවක් නොවේ.මතු නිදහස් නිරවුල්            ගුණගරුක සමාජයක් ඇතිකිරීමට කටයුතු කිරීම ඔබේ යුතුකම බව හොදින් සිතට 
ගනිත්වා.නොඑසේනම් රාජපක්ෂනාමය ට මතු ගෞරවය හිමිවනවාසේම අන්අයගේ       නාමය පිළිකුල් වනු නිසැකය.
                                                 

                                          සිරි මිහිදු හිමි

Sunday, 25 January 2015